කුරුවිට ප්‍රාදේශීය සභාව
Open menu
  • Home
  • අපගේ සේවා
    • ආදායම් අංශය
    • සංවර්ධන අංශය
    • ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය
    • ආදාහනාගාරය
    • නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
    • පෙර පාසල්
    • ක්‍රීඩා පිටිය වෙන් කිරීම
    • මහජන පුස්තකාල
  • ලේඛණ
    • අයවැය ලේඛණ
    • මුල්‍ය ප්‍රකාශන
    • සේවා සදහා අයදුම්පත්
    • මාසික සභා වාර්තා
    • පුරවැසි ප්‍රඥප්තිය
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • වෙන්දේසි දැන්වීම්
  • සභා තොරතුරු
    • ඉතිහාසය
    • උප කාර්යාල
    • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
    • සභා සංවිධාන සටහන
    • ලැබු ජයග්‍රහණ
  • සංචාරක ස්ථාන
    • පුජනිය ස්ථාන
    • සංචාරක ස්ථාන
  • යෝජනා හා පැමිණිලි
  • තොරතුරු පනත
    • තොරතුරු දැනගැනී‍මේ පනත

මාර්ග ගත ගෙවීම්

KuruvitaOnlinePyamant

දැන්වීම් පුවරුව

2025 1

 

කුරුවිට ප්‍රාදේශිය සභාවේ රියදුරු තනතුරට බඳවා ගැනීම

කුරුවිට ප්‍රාදේශිය සභාවේ රියදුරු ලෙස සේවයේ යොදවා ගැනීම සඳහා කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි සුදුසුකම් ඇති පිරිමි අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. මේ පිළිබද විස්තර හා අයදුම්පත්‍රය මෙතැනින් බාගත කරගන්න

 

2025 වර්ෂය සඳහා කර්මාන්ත බදු ගෙවීම

මෙතැනින් භාගත කර ගත හැකි කර්මාන්ත ස්ථාන පවත්වාගෙනයනු ලබන කර්මාන්තහිමියන් විසින් 2025-03 31 දිනට පෙර කුරුවිට ප්‍රාදේශීය සභාව,එල්ලාවල උපකාර්යාලය, කිරිඇල්ල උපකාර්යාලය,දොඩම්පේ උප කාර්යාලය යන ස්ථානවලට හෝ ආදායම් පරීක්ෂකවරුන් හට ව්‍යාපාර බදු ගෙවීම සිදු කළයුතු බව කාරුණිකව කුරුවිට ප්‍රාදේශිය සභාව නිවේදනය කර සිටී.

2025 වර්ෂය සඳහා ව්‍යාපාර බදු ගෙවීම

මෙතැනින් භාගත කර ගත හැකි ව්‍යාපාර ස්ථාන පවත්වාගෙනයනු ලබන ව්‍යාපාරහිමියන් විසින් 2025-03-31 දිනට පෙර කුරුවිට ප්‍රාදේශීය සභාව,එල්ලාවල උපකාර්යාලය, කිරිඇල්ල උපකාර්යාලය,දොඩම්පේ උප කාර්යාලය යන ස්ථානවලට හෝ ආදායම් පරීක්ෂකවරුන් හට කර්මාන්ත බදු ගෙවීම සිදු කළයුතු බව කාරුණිකව කුරුවිට ප්‍රාදේශිය සභාව නිවේදනය කර සිටී.

සම්බන්ධීකරණ තොරතුරු

ලිපිනය
ප්‍රාදේශීය සභාව,
කුරුවිට

ප්‍රධාන කාර්යාලය
0452262276

සභාපතිතුමා
0452263475

ලේකම්තුමා
0452262276

එල්ලාවල උප කාර්යාලය
0362258175

කිරිඇල්ල උපකාර්යාලය
0452265875

දොඩම්පෙ උප කාර්යාලය -

ෆැක්ස් අංකය
0452262276

විද්‍යුත් තැපෑල
kuruwitaps@sltnet.lk

ෆේස්බුක් පිටුව

 

KuruvitaLogo

සබරගමුව පළාතේ ප්‍රධාන වාණිජ හා පරිපාලන නගරය වන රත්නපුර නගරයේ වයඹ දෙසින් පිහිටි ජනාවාස සඳහා සේවය සපයන ප්‍රධාන උපග්‍රාහී නගරය ලෙස කුරුවිට නගරය හඳුනා ගැනේ. මෙය රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ප්‍රධාන ප්‍රවේශය ලබන අතර රත්නපුර නගරයේ සිට කි.මී. 14 දුරින් හා කොළඹ නගරයේ සිට කි.මී.84ක් දුරින් පිහිටා ඇත. එමෙන් ම රත්නපුර නගරයට පිවිසෙන දෙවන නගරයද වේ. කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ප්‍රධානතම රාජ්‍ය පරිපාලන ආයතනය වන කුරුවිට ප්‍රාදේශීය සභාව, ග්‍රාම නිලධාරී වසම් 56කින් යුත් විශාල වපරිසයකින් හෙබි පාලන ප්‍රදේශයකි. ප්‍රධාන කාර්යාලයට අමතරව කිරිඇල්ල,එල්ලාවල සහ දොඩම්පෙ ලෙසින් උප කාර්යාල තුනක් යටතේ සේවය සළසන කුරුවිට ප්‍රාදේශීය සභාවේ වර්තමාන ලේකම් ධූරය හොබවන්නේ ඊ.කේ.ඉන්දික ප්‍රසාද් කුමාර මහතායි. අප බල ප්‍රදේශය තුළ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක්, පුස්තකාල හතරක්, ආදාහනාගාරයක්, නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානයක් ක්‍රීඩාංගන දෙකක්, සතිපොළක්, පෙර පාසලක් පවත්වාගෙන යන අතර, මීට අමතරව පොදු වෙළඳ සංකීර්ණ හයක්, ආදාහනාගාරයක් හා කඩකාමර 110කට හිමිකම් කියයි.

 

ලේකම්තුමාගේ පණිවුඩය

Secකුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ යහපාලනය තුළින් ඵලදායි හා කාර්යක්ෂම තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට හා මහජනතාවට සඵලදායි සේවාවක් සැපයීමට අපි නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිමු. එලෙස කාර්යක්ෂමතාවයෙන් හා සඵලදායිත්වය තුළින් කටයුතු ඉටු කිරීමෙන් සබරගමුව පළාත් සභාව තුළ කීර්තිමත්ම ප්‍රාදේශීය සභාව බවට පත්කිරීම සහ සමස්ත දිවයිනේම බබළන දියුණුම ප්‍රාදේශීය සභාව බවට කුරුවිට ප්‍රාදේශීය සභාව ඉහළින් ඔසවා තැබීම මා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ අපේක්ෂාව හා ප්‍රමුඛ පරමාර්ථය බව අභිමානයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිමි. ජනතාවගේ සේවා සම්පාදන කාර්යයන්,පොදු පරිපාලනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, භෞතික සැලසුම්, මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සම්පාදන සේවා, පොදු උපයෝගීතා සේවා, සුභසාධන සේවා ඇතුළු පොදු සේවාවන් රැසක් සඵලදායි අයුරින් ක්‍රියාත්මක කිරීමට ඇපකැප වෙන අතර තිරසර කාර්යාල රටාවක් ක්‍රියාත්මක කිරීම තුළින් ගුණාත්මක මහජන සේවාවක් ජනගත කිරීම සඳහා තොරතුරු තාක්ෂණික සංවර්ධනයත් සමඟින් ඉදිරියට යන අප සමඟ එක් වී ඔබගේ එදිනෙදා අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කරගැනීමට සාදරයෙන් ඇරයුම් කරමි.

ඊ.කේ.ඉන්දික ප්‍රසාද් කුමාර මයා
ලේකම්,
කුරුවිට ප්‍රාදේශීය සභාව

 

සභාපතිතුමාගේ පණිවිඩය

KuruvitaSabapatiඓතිහාසික සපරගමු මහ සමන් දේව අඩවියේ පිහිටි, ස්වභාවික සෞන්දර්යයෙන් සහ ප්‍රෞඩ ඉතිහාසයකින් අනූන කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ලාංකීය ජනතාව වෙතත්, අපගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෝකවාසී සැමටත් මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි. තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ නූතන ලෝකය සමඟ අත්වැල් බැඳගනිමින්, අප සභාව මඟින් මහජනතාව වෙත සපයනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ සුහදශීලී සේවාවක් බවට පත් කිරීම අපගේ මූලිකම අරමුණයි. මෙම නිල වෙබ් අඩවිය නිර්මාණය වන්නේ එම අරමුණ කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී පියවරක් වශයෙනි.

මෙමඟින් අප සභාවේ සේවාවන්, ව්‍යාපෘති, බදු සහ ගාස්තු ගෙවීම් පිළිබඳ තොරතුරු මෙන්ම ඔබේ එදිනෙදා අවශ්‍යතාවලට අදාළ අයදුම්පත් ඉතා පහසුවෙන් නිවසේ සිටම ලබා ගැනීමට මින් ඉදිරියට ඔබට අවස්ථාව සැලසේ. කුරුවිට ප්‍රාදේශීය බල ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, පොදු ජන ජීවිතය නංවාලීම උදෙසාත්, පරිසර හිතකාමී සහ තිරසාර සංවර්ධනයක් කරා අප ප්‍රදේශය මෙහෙයවීම උදෙසාත් මා ඇතුළු සමස්ත මන්ත්‍රී මණ්ඩලයත්, නිලධාරී මණ්ඩලයත් නිරන්තරයෙන් කැපවී සිටිමු.

අපගේ සේවාවන් තවදුරටත් ගුණාත්මක කර ගැනීම සඳහා ඔබගේ වටිනා අදහස්, යෝජනා සහ චෝදනා අප වෙත යොමු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. “පොහොසත් රටක් ලස්සන ශ්‍රී ලංකාවක්” ගොඩ නැගීම වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට සියලු දෙනාව ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි

එම්.විකසිත පුෂ්පසූරිය
සභාපති,
කුරුවිට ප්‍රාදේශීය සභාව

දැක්ම
පළාත් පාලනයේ විශිෂ්ටයා වීම.

මෙහෙවර
කුරුවිට ප්‍රාදේශිය සභා සීමාව තුළ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවාවන්, පොදු මංමාවත්,ජනතාවගේ සුඛවිහරණය, පහසුව හා සුබසාධනය ඇතුළු සියලු කරුණු විධිමත් කිරීම,පාලනය කිරීම හා පරිපාලනය කිරීම ප්‍රමුඛ මෙහෙවර වන්නේ ය.

 

අගයන්
• සංවර්ධනය
• විනිවිදභාවය
• වගකීම හා වගවීම
• සමානාත්මතාව
• නම්‍යශීලීත්වය
• නව්‍යකරණය වීම

අරමුණු
• බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව තහවුරු කිරීම පවත්වා ගෙන යාම හා ප්‍රවර්ධනය කිරීම.
• කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය වෙනුවෙන් සිදු කළ යුතු මහජන උපයෝගිතා සේවාවන් අනලස්ව ,විධිමත් ව හා කාර්යක්ෂමව පවත්වා ගෙන යාම.
• බල ප්‍රදේශය තුළ පාරිසරික චිරස්තිථිය තහවුරු කිරීම හා ආරක්ෂා කිරීම.
• බල ප්‍රදේශයේ ජනතාවගේ සමාජ සුබ සාධනය ,සංස්කෘතිය ප්‍රවර්ධනය හා ප්‍රජා සේවා විධිමත්ව පවත්වා ගෙන යාම.
• ආයතනයේ මානව සම්පත් සංවර්ධනය

 

KuruvitapsCEB01KuruvitapsCEB02 
Wesak 2026