කුරුවිට ප්‍රාදේශීය සභාව
Open menu
  • Home
  • අපගේ සේවා
    • ආදායම් අංශය
    • සංවර්ධන අංශය
    • ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය
    • ආදාහනාගාරය
    • නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
    • පෙර පාසල්
    • ක්‍රීඩා පිටිය වෙන් කිරීම
    • මහජන පුස්තකාල
  • ලේඛණ
    • අයවැය ලේඛණ
    • මුල්‍ය ප්‍රකාශන
    • සේවා සදහා අයදුම්පත්
    • මාසික සභා වාර්තා
    • පුරවැසි ප්‍රඥප්තිය
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • වෙන්දේසි දැන්වීම්
  • සභා තොරතුරු
    • ඉතිහාසය
    • උප කාර්යාල
    • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
    • සභා සංවිධාන සටහන
    • ලැබු ජයග්‍රහණ
  • සංචාරක ස්ථාන
    • පුජනිය ස්ථාන
    • සංචාරක ස්ථාන
  • යෝජනා හා පැමිණිලි
  • තොරතුරු පනත
    • තොරතුරු දැනගැනී‍මේ පනත

මාර්ග ගත ගෙවීම්

KuruvitaOnlinePyamant

බිල්පත් වටිනාකමට අමතරව ගෙවන මුදලින් 1% සේවා ගාස්තුව ලෙස අයකරනු ලබයි

දැන්වීම් පුවරුව

2025 වර්ෂය සඳහා කර්මාන්ත බදු ගෙවීම

මෙතැනින් භාගත කර ගත හැකි කර්මාන්ත ස්ථාන පවත්වාගෙනයනු ලබන කර්මාන්තහිමියන් විසින් 2025-03 31 දිනට පෙර කුරුවිට ප්‍රාදේශීය සභාව,එල්ලාවල උපකාර්යාලය, කිරිඇල්ල උපකාර්යාලය,දොඩම්පේ උප කාර්යාලය යන ස්ථානවලට හෝ ආදායම් පරීක්ෂකවරුන් හට ව්‍යාපාර බදු ගෙවීම සිදු කළයුතු බව කාරුණිකව කුරුවිට ප්‍රාදේශිය සභාව නිවේදනය කර සිටී.

2025 වර්ෂය සඳහා ව්‍යාපාර බදු ගෙවීම

මෙතැනින් භාගත කර ගත හැකි ව්‍යාපාර ස්ථාන පවත්වාගෙනයනු ලබන ව්‍යාපාරහිමියන් විසින් 2025-03-31 දිනට පෙර කුරුවිට ප්‍රාදේශීය සභාව,එල්ලාවල උපකාර්යාලය, කිරිඇල්ල උපකාර්යාලය,දොඩම්පේ උප කාර්යාලය යන ස්ථානවලට හෝ ආදායම් පරීක්ෂකවරුන් හට කර්මාන්ත බදු ගෙවීම සිදු කළයුතු බව කාරුණිකව කුරුවිට ප්‍රාදේශිය සභාව නිවේදනය කර සිටී.

සම්බන්ධීකරණ තොරතුරු

ලිපිනය
ප්‍රාදේශීය සභාව,
කුරුවිට

ප්‍රධාන කාර්යාලය
0452262276

සභාපතිතුමා
0452263475

ලේකම්තුමා
0452262276

එල්ලාවල උප කාර්යාලය
0362258175

කිරිඇල්ල උපකාර්යාලය
0452265875

දොඩම්පෙ උප කාර්යාලය -

ෆැක්ස් අංකය
0452262276

විද්‍යුත් තැපෑල
kuruwitaps@sltnet.lk

ෆේස්බුක් පිටුව

 

KuruvitaPS Logo

සබරගමුව පළාතේ ප්‍රධාන වාණිජ හා පරිපාලන නගරය වන රත්නපුර නගරයේ වයඹ දෙසින් පිහිටි ජනාවාස සඳහා සේවය සපයන ප්‍රධාන උපග්‍රාහී නගරය ලෙස කුරුවිට නගරය හඳුනා ගැනේ. මෙය රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ප්‍රධාන ප්‍රවේශය ලබන අතර රත්නපුර නගරයේ සිට කි.මී. 14 දුරින් හා කොළඹ නගරයේ සිට කි.මී.84ක් දුරින් පිහිටා ඇත. එමෙන් ම රත්නපුර නගරයට පිවිසෙන දෙවන නගරයද වේ. කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ප්‍රධානතම රාජ්‍ය පරිපාලන ආයතනය වන කුරුවිට ප්‍රාදේශීය සභාව, ග්‍රාම නිලධාරී වසම් 56කින් යුත් විශාල වපරිසයකින් හෙබි පාලන ප්‍රදේශයකි. ප්‍රධාන කාර්යාලයට අමතරව කිරිඇල්ල,එල්ලාවල සහ දොඩම්පෙ ලෙසින් උප කාර්යාල තුනක් යටතේ සේවය සළසන කුරුවිට ප්‍රාදේශීය සභාවේ වර්තමාන ලේකම් ධූරය හොබවන්නේ ඊ.කේ.ඉන්දික ප්‍රසාද් කුමාර මහතායි. අප බල ප්‍රදේශය තුළ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක්, පුස්තකාල හතරක්, ආදාහනාගාරයක්, නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානයක් ක්‍රීඩාංගන දෙකක්, සතිපොළක්, පෙර පාසලක් පවත්වාගෙන යන අතර, මීට අමතරව පොදු වෙළඳ සංකීර්ණ හයක්, ආදාහනාගාරයක් හා කඩකාමර 110කට හිමිකම් කියයි.

 

ලේකම්තුමාගේ පණිවුඩය

Secකුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ යහපාලනය තුළින් ඵලදායි හා කාර්යක්ෂම තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට හා මහජනතාවට සඵලදායි සේවාවක් සැපයීමට අපි නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිමු. එලෙස කාර්යක්ෂමතාවයෙන් හා සඵලදායිත්වය තුළින් කටයුතු ඉටු කිරීමෙන් සබරගමුව පළාත් සභාව තුළ කීර්තිමත්ම ප්‍රාදේශීය සභාව බවට පත්කිරීම සහ සමස්ත දිවයිනේම බබළන දියුණුම ප්‍රාදේශීය සභාව බවට කුරුවිට ප්‍රාදේශීය සභාව ඉහළින් ඔසවා තැබීම මා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ අපේක්ෂාව හා ප්‍රමුඛ පරමාර්ථය බව අභිමානයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිමි. ජනතාවගේ සේවා සම්පාදන කාර්යයන්,පොදු පරිපාලනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, භෞතික සැලසුම්, මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සම්පාදන සේවා, පොදු උපයෝගීතා සේවා, සුභසාධන සේවා ඇතුළු පොදු සේවාවන් රැසක් සඵලදායි අයුරින් ක්‍රියාත්මක කිරීමට ඇපකැප වෙන අතර තිරසර කාර්යාල රටාවක් ක්‍රියාත්මක කිරීම තුළින් ගුණාත්මක මහජන සේවාවක් ජනගත කිරීම සඳහා තොරතුරු තාක්ෂණික සංවර්ධනයත් සමඟින් ඉදිරියට යන අප සමඟ එක් වී ඔබගේ එදිනෙදා අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කරගැනීමට සාදරයෙන් ඇරයුම් කරමි.

ඊ.කේ.ඉන්දික ප්‍රසාද් කුමාර මයා
ලේකම්,
කුරුවිට ප්‍රාදේශීය සභාව

දැක්ම
පළාත් පාලනයේ විශිෂ්ටයා වීම.

මෙහෙවර
යහපාලනයක් තුළින් ප්‍රදේශයේ ඵලදායි හා කාර්යක්ෂම ලෙස උපයෝජනය කර තිරසර සංවර්ධනයක් ඇති කිරීම හා මහජනතාවට ඵලදායී සේවයක් සැපයීම

 

 

විශේෂ දැන්වීම්
2025 වර්ෂය සඳහා වෙළඳ බලපත්‍රය ලබා ගැනීම

මෙතැනින් බාගත කර ගත හැකි ලියවිල්ලේ සදහන් කර ඇති වෙළඳ ස්ථාන පවත්වාගෙනයනු ලබන වෙළඳහිමියන් විසින් 2025-03-31 දිනට පෙර කුරුවිට ප්‍රාදේශීය සභාව,එල්ලාවල උපකාර්යාලය, කිරිඇල්ල උපකාර්යාලය,දොඩම්පේ උප කාර්යාලය යන ස්ථානවලින් වාර්ෂික වෙළඳ බලපත්‍රය ලබා ගැනීම සිදු කළයුතු බව කුරුවිට ප්‍රාදේශීය සභාව දන්වා සිටී.

 

කුරුවිට ප්‍රාදේශීය සභාවේ මාර්ග ගැසට් කිරීම

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 24 වන වගන්තිය සමග කියවිය යුතු,සබරගමු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා විසින් අංක 2316/20 සහ 2022 ජනවාරි මස 24 වන දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති “ සබරගමු පළාතේ ප්‍රාදේශීය සභා විසින් පවත්වාගෙන යනු ලබන පාරවල් හා පටු මාවත්වල සැලසුම් පිළියෙල කිරීම හා නාම ලේඛනය දක්වමින් දැන්වීම් පළ කිරිම පිළිබද නියෝග ” මාලාවෙන් සබරගමුව පළාතේ ප්‍රාදේශීය සභාවලට පවරා දී ඇති කාර්යය අනුව, මෙහි පහත උපලේඛනයේ ඇතුළත් පාරවල් සහ පටු මාවත් කුරුවිට ප්‍රාදේශීය සභාව සතු වී ඇති පාරවල් සහ පටු මාවත් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු බව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත 9 (3) වගන්තිය අනුව ලේකම්ගේ 2024 .12.05 දිනැති තීරණ අංක 39 යටතේ තීරණය කරනු ලැබ ඇති බව මහජනතාවගේ දැන ගැනීම සදහා මෙයින් ප්‍රසිද්ධ කරනු ලැබේ.
එකී උපලේඛනයේ ඇතුළත්(B ශ්‍රේණියට අයත් B222 ප්‍රධාන මාර්ගයට අදාලව ) යම් පාරක් හෝ පටු මාවතක් කිසියම් ඉඩමක් හරහා හෝ යම් ඉඩමක කොටසකට ඇතුළත් වන බව, ඒ ඉඩමට හිමිකම් කියනු ලබන පාර්ශවයේ මතය වේ නම්, එකී ඉඩමට තමන්ගේ ඇති අයිතිය ඔප්පු කිරීම සදහා මේ නිවේදනයේ දින සිට මාස තුනක කාලයක් ඉකුත් වීමට පෙර නිසි අධිකරණයේ නඩුවක් පැවරීමට ක්‍රියා කළ යුතු බවත් මෙයින් නිවේදනය කරනු ලැබේ.
තව දුරටත් එසේම, එකී මාස තුනක කාලය අවසන් වීමට පෙර එවැනි නඩුවක් පවරා නැති එකී උපලේඛනයේ ඇතුළත් සෑම පාරක්ම සහ පටු මාවතක්ම කුරුවිට ප්‍රාදේශීය සභාව සතු කරනු ලැබ ඇති පාරක් හෝ පටු මාවතක් ලෙස සලකනු ලබන බව වැඩිදුරටත් නිවේදනය කරනු ලැබේ.

2024-12-11 දින,
කුරුවිට ප්‍රාදේශීය සභාවේ දීය .

ඊ.කේ ඉන්දික ප්‍රසාද් කුමාර,
ලේකම් හා බලතල
ක්‍රියාත්මක කිරිමේ නිළධාරි,
කුරුවිට ප්‍රාදේශීය සභාව.


අදාල ගැසට් පත්‍රය මෙතැනින් ලබා ගන්න